සූර්‍ය වංශික හෙළයන්ගේ ශ්‍රී විභූතිය සොයා යන අන්තර්ජාල කතිකාවත ....

දේව වන්දනාව

ශ්‍රි රාවණ දේව වන්දනාව ....

හෙළයන් ලෙසින් රාවණ දෙවිදුන් උදෙසා වත්  පිළිවෙත් කිරීමත්, හෙළ චින්තනය මත ක්‍රියා කිරීමත්,හරහා තම බලාපොරොත්තු උපරිම ලෙස ඉටුකර ගත හැකි වෙයි.රාවණ දෙවිදුන්ගේ ශක්තියක ප්‍රබල ලෙස ගැබ් වී ඇති පිළිමය ලෙස සැලකෙන්නේ " යගු කෞරාණ මණ්ඨක " හෙවත් යක් පෙනුමක් ඇති පිළිමයයි.මෙය ත්‍රිමාන ප්‍රයෝග සහිතව නිපදවා ඇති ලොව ප්‍රතම පිළිමයයි.මෙහි යක් ස්වරූපය තුලින් තම පරපුර හැඟවෙන අතර ඒ පිළිමය දෙස මද වේලාවක් බලා සිටීමෙන් මහා පුරුෂ ලක්ෂණයන් ගෙන් යුත් රාවණ දෙවිදුන් දැකගත හැකි වෙයි.
බුදුන් වැදීමෙන් පසු මෙම රූපය අභියස දිනපතා පිරිසිදු පැන් බදුනක් තබන්න.එළගිතෙල් මිශ්‍ර කල පහනක් එ අභියස දල්වන්න.
ඉන් පසු ,
                                                          (රාවණ වන්දනා ස්තෝත්‍රය )

                                                          නමම් මම් ජිත්‍රාවෝ
                                                          සදම් මම් ලෙව් සුඛම්
                                                          රාවණානේ රාවණානේ
                                                          වරම් දෙන්නේ සුඛම්හි දැන්
                                                                                                 
                               ( රාවණ වන්දනා කවිය )

                                ඔබ අණ පිළි රැගෙන ඉපදුණි ආවාරේ
                                හෙළයට ණයද දෙවිදුනි මා සිත් පෑරේ
                                කල ඇති වැඩ කොටස කිව මැන මා වාරේ
                                යකුට කියමි මහ රාවණ අවතාරේ.                                                                                    
යන ස්තෝත්‍රය 7 වරක් ප්‍රකාශ කරන්න.අවසානයේ රාවණ දෙවිදුන්ට පිo දෙන්න.හැකි අවස්තා වලදී රාවණ දෙවිදුන් උදෙසා මී අඹ පූජා කිරීමෙන් තම අපේක්ෂා ඉටු කරගැනීම වේගවත් වේ.රාවණ දෙවිදුන් වැදීමේදී යහපත් ධර්මතා පවත්වා ගැනීම අනිවාර්ය වන අතර,දෙවියන් උදෙසා තැබූ පැන් බදුන පසුදා පානය කිරීමෙන් ශරීරගත රෝගයන් සුවපත් වෙයි.තම පූජාවන් දෙවියන් පිලිගන්නේ නම් පැන් වීදුරුවෙන් වැල් මී රසක් ඇති වේ.රාවණ හෝරාවන් මේ සදහා යොදාගත යුතුය.( වැඩිදුර තොරතුරු දැන ගැනීමට comment කරන්න.)

6 comments:

  1. මෙම පිළිමය ලැබ ගත හැකි ක්‍රමයක් ඔබතුමා දන්නවද

    ReplyDelete
  2. මෙම පිළිමය ලැබ ගත හැකි ක්‍රමයක් ඔබතුමා දන්නවද

    ReplyDelete
  3. සමාවන්න කලයක් ගතවුනාට
    ඔබේ ප්‍රශ්නයට පිලිතුරු : ලබා ගතහැකි ක්‍රමයක් තියෙනවා අවශ්‍යතාවය කියන්න

    ReplyDelete
  4. රාවණ පැය දැනගන්න ක්‍රමයක් තියෙනවද?

    ReplyDelete
  5. අගනා ලිපියකි.

    ReplyDelete