සූර්‍ය වංශික හෙළයන්ගේ ශ්‍රී විභූතිය සොයා යන අන්තර්ජාල කතිකාවත ....

Saturday, November 15, 2014

සූර්ය වංශ නරේන්ද්‍රසිංහ ලංකාධිපති ශ්‍රී රාවණ ( හැදින්වීම )


අදින් වසර 5122 කට පෙර ලොව බිහිවූ අති ශ්‍රේෂ්ඨ නරපතියෙක් විය.ඔහු නමින් මහා රාවණ වේ.මහා සම්මත මනු රාජ පරම්පරා පසු කරමින් තරු , බලි , රාවණ රාජ පෙළපතකට හිමිකම් කියන මහා රවණයින් ලොවුතුරා බුදුවරුන්ටත් , සක්විති රජවරුන්ටත් පමනක් තෙවැනි වූ මේ මහා රාවණයින්ට විකෘත ඉතිහාසයක් තිබේ.අප එසේ පවසුවේ ලෝක පූජිත ලංකා විරෝධී රාමායණය වාල්මිකී නම් සොරදෙටුවා අතින් රචනය වූ බැවිනි.වාල්මිකී පවසන අයුරින් අන් ස්ත්‍රියක් වන සීතා දේවිය පහැරගෙන ශ්‍රීලංකාවේ එක්තරා කඳුකරයක සඟවා රාම කුමරුන් හා යුධ වැදී අන්ත පරාජයකට ලක් වූ රණකාමියෙකි යන කතාව එසේ දිග හැරුණත් සත්‍ය ධර්මයේ පරම සත්‍ය එය නොවන බවත් , එය හදුනන්නේ නිසි වැටහීමකින් පර්යේෂණ කරන ඉතිහාස ගවේශකයන්ට හා භාවනා යෝගීවරුන්ට පමණක් බව අප ඉතා අවධාරණයෙන්කියා සිටින්නෙමු.රාවණයින් නමින් ගහක් , කොලක් , තිරිසනෙක්වත්  නැතැයි කියාගන්නා මහාචාර්යවරුන් සරණ යන ඇතැම් මිනිසුන් ,  රාවණයින් තියා රාවණයින්ගේ හඬක් වත් විශ්වයේ නැති බව ඉතාමත් උජාරුවෙන් කියාපාන්නේ ඔවුන්ගේ ජාතකය ගැන මනාව පැහැදිලි කරමිනි.ආදි හෙලයා දෙවියන් වැන්දේ ද නැත.ඔවුන් තරයේ විශ්වාස කලේ විශ්වයේ ශක්තියත් තම ඤාතිවර්ගයා මිය ගිය පසු ඔවුන්ගේ පිහිටත් පමණි.ඒ වෙනුවෙන් කෙරෙන නෑ යකුන් ඇදහීමේ චාරිත්‍ර ක්‍රම වේදයන් බිහි වුණේය.හෙලයා ගේ අවාසනාවටදෝ මෙම වැදුම් පිළිවෙත් 1818 න් පසු වැළලී යන්න පටන් ගත්තේය. එහෙත් අල්පේ ශාක්‍ය මහා අසුර දෙවිවරුන් නාමයට පුද ලබන දේව කොට්ඨාසයක් අපි අදහන්නෙමු.එනම් කඩවර , කලුකම්බිලි , සූනියම් මේ දෙවි වරුන්ගේ ඉතිහාස කතා බැලූ කල්හි මහා රාවණයින්ට , මහා රාවණ ශිෂ්ටාචාරයට නෑකම් කියන බව පැහැදිලිව කියවේ. රාවණයින් නැතැයි කීමට සමතෙක් වෙත් නම් උඩ්ඩීස තන්ත්‍රය , කුමාර තන්ත්‍රය , ක්‍රියා උඩ්ඩීසය , වර්ග පූර්ණිකාව වැනි ග්‍රන්ත පරිශීලනයකින් යුතුව ආදී යක්ෂ භාෂාවේ පූර්ණ දැනීමක් තිබිය යුතු බව අප ඉතා අවධාරණයෙන් කියා සිටින්නෙමු.කියන්නන් වාලේ අයන්නන් වාලේ ක්‍රියා නොකොට තම රාජ පෙලපත ගොඩගත් ඒ මහා මුනිවරයානන් ගැන දැනගැනීම අප කාගේත් වගකීම නොවේද ??   එසේනම් සූර්‍ය වoශය සොයා යන ගමනේ ප්‍රථම අඩිතාලම මෙසේ ගොඩනඟන්නෙමු..                                                                                  සියලු හෙළයන්ටයි මේ අඩහැරය...

                                                                                             



                                                                                                                                                                                                                                                                                              සූර්ය සිද්ධාන්තය .............

1 comment:

  1. අදහස හොදයි හොද උත්සහයක් මම ඒක අගය කරනවා පුළුවන්නමි තවත් තොරතුරැ ොයල දාන්න

    ReplyDelete