සූර්‍ය වංශික හෙළයන්ගේ ශ්‍රී විභූතිය සොයා යන අන්තර්ජාල කතිකාවත ....

අත් ගුරුකම්

අත් ගුරුකම් පුරාණය .....

ආදී ස්වදේශිකයන් මේ හෙල ද්වීපයේ යන්ත්‍ර මන්ත්‍ර , ජ්‍යොතිෂය , වෙදකම් යන ශාස්ත්‍ර ඉතාමත් තීක්ෂණ බුද්ධියෙන් හැදෑරූ අතර අපේ රටේ ගහෙන් කොලෙන් මලෙන් පලෙන් එදිනෙදා ජීවිතයට අත් ගුරුකම් සහ අත් වෙදකම් ලගා කරගත්තේ එදිනෙදා ජීවිතයේ සාර්ථක කර ගැනීමටය. එනමුත් අපේ රටේ කොළඹ 7 කුරුඳු වත්තේ ජීවත් වන නෝන මහත්තුරුන්ට අරුමයක් වුවද අදටත් අපේ ගම් දනව් වල ජීවත් වන ගම්වැසියන් අතර ඉතාමත් බහුලව මෙම අත් ගුරුකම් දක්නට ලැබේ.අත්ගුරුකම් යනු කුමක්ද?
ඕනෑම අවස්තාවක මිනිසුන් වෙත පැමිණෙන රෝගාබාධ
හෝ කරදරයන් වලට මුහුණ දීමට භාවිතයට ගන්නා
ඉතාමත් සුලු ක්‍රමවේදයකි.උදාහරණයක් ලෙස ඔබ නොසිතූ විලසට යම් අවස්ථාවක දී ඔබ හට සර්පයෙකු දෂ්ට කරේනම් ඔබේ අවට තිබෙන සම්පත් භාවිතයට ගනිමින් සර්ප විස නැසීමට ඇති හැකියාවයි.






මෙවැනි අත්ගුරුකම් අප අතර ලක්ෂ කෝටි ගනන්
තිබෙ නමුත් ඒ සෑම දෙයක්ම ගුරු කුල වලට කැඩී බිදී මුලු ගැන් වී අවසානය.ඒ මන්ද යත් අත් ගුරුකමක් භාවිතා කරමින් මිනිස් ජීවිතයක් පවා විනාශ කිරීමට ඇති හැකියාව හා 21 වන සියවසේ ජීවත් වන මිනිසුන් මෙවැනි දෑ සොයාගෙන මිනිසුන්ට අනාර්ත කිරීමටත් බඩ ගෝස්තරය සොයා ගැනීමටත්
පෙළෙබෙනු නිසාවෙන්ම ය. අප මෙම බ්ලොග් පිටුව මගින්  සමස්ත ජනයාට හිත සුව පිනිස මෙම අත්ගුරුකම් ඔබ වෙතට පිරිනමන්නේ ඉතාමත් සතුටිනි.මෙවැනි වෙබ් බ්ලොග් අඩවි මගින් එකිනෙකාගේ පුරාජේරු කියා පාමින් තමන්ගේ ප්‍රසිද්දියම පිනිස  මෙවැනි දෑ විකෘති කරමින් බොරු ක්‍රම වේදයන් කියාපාමින් හෝ අදහස් දක්වමින් පල කලද මේ මහා හෙළයේ සිoහල කමට මුල් තැන දෙමින් කටයුතු කරන අපට  ප්‍රසිද්දියක් ලබා ගැනීමට කිසිදු උවමනාවක් නොවේ.මෙය ගත් කලී සිoහලයන්, හෙළයාගේ දැනුමින් ස්වයංපෝෂිත කිරීමට ගන්නා වූ ප්‍රයත්නයක් බවට කාරුණික වන්න.







                                                                                                                       සූර්ය සිද්ධාන්තය................

No comments:

Post a Comment